Thursday, April 18, 2013

කොම්පීතර් එකක් අල්ලපු පලමු දිනය !



පවුලෙ සැමගේ ගොඩක් බලාපොරොත්තු මැද ශීෂ්‍යත්ව විභාගය සදහා සූදානම් උනා.. ඇත්තටම මගෙ නම් වැඩි උන්නදුවක් තිබ්බෙ නෑ.. පාසල් ගියා ආවා.. ඔය දීලා තිබ්බ වැඩ ටික කලා, එච්චරයි.. ඉතින් පහ ශේණියේ ඉගෙන ගත්ත කාලේ, හරිම දුන්දරයි.. සරුන්ගල් හැදුලා වැඩියෙන්ම තරගෙට සරුන්ගල් ඇරියෙත් මේ වසරෙ ඉද්දි. ගෙදරන් සරුන්ගල් හදාගෙන යන්න දෙන්නෙත් නෑ.. ගුරුවරුන්ගෙ විවිද බලපෑම් තිබ්බා.. පන්ති පැවැත්වෙන වෙලාවේ මේ දේවල් කරන්නත් බෑ.. අපි කොහොම කොහොම හරි හොරෙන් සරුන්ගල් ඇරලා, කොහේ හරි ගැටගහලා තිබ්බා.. යාළුවො යාළුවො අතර තිබ්බ පොඩි තරගයක්, දවසක් නම් හොදටම ගුටි කෑවා සරුන්ගල් අරින්න ගිහිල්ලා.. අපේ පන්ති බාර ගුරුතුමා අපිට කලේ අපූරු වැඩ, මොකද විවේක කාලේ එලියට බැහැලා සෙල්ලම් කරන්න ගිහාම, බෙල් එක ගහනවා සමහර දවස්වල ඇහෙන්නෙත් නෑ.. පරක්කුවෙලා පන්තියට ආවාම වැඩේ හරි... පන්තියේ දොර වහලා, ගුරුතුමා ඉන්න අයට උගන්වනවා. එතකොට තමයි කියවෙන්නෙ "මචං අදනම් හරි" කියලා :P එකක් ගැහුවම මාර සනීප වේවලක් තිබ්බා ගුරුතාමා තියාගෙන. ඉතින් එදාට අපි එක එක්කෙනා පන්තිය ඇතුලට ගද්දි හොද වේවැල් පාරවල් දෙක තුනක් හම්බෙනවා.. ඒ වේවැල් පාර මතක තියෙන්නෙ එදා පාසල් නිමාවෙලා ගෙදර යනකම් විතරයි :D

පහුවදා අපි පාසල් ඇවිල්ලා, විවේක කාලය එද්දි, ඊයේ පරක්කුවෙලා පන්තියට  ඇවිල්ලා ගුටි කෑවා කියලා මතක නෑ :P එක මට වගේම අනිත් යාළුවන්ටත් එහෙමයි... එකම ගමේ යාළුවො 13ක් හිටියා අපේ පන්තියේ, පන්තියේ හිටියෙ 40ක් විතර, පන්තියම හොල්ලන් හිටියා අපි ඒ දවස්වල, එදත් සුපුරුදු පරිදි ගුටි පූජාව හම්බෙනවා.. ඒ දවස්වල අපි ගොඩක් නැඹුරු වෙලා තිබ්බෙ කබඩි ගහන්න, පන්තියේ ලමයි දෙපැත්තට බෙදිලා කබඩි සෙල්ලම් කරලා, අත පය තුවාල කරගෙන ඇති අන්නතවත්, ඒත් සෙල්ලම් කරනවා කියද්දි ඒ දවස්වල අය වෙන දෙයන් ඕනේ නෑ.. හැමදාම පරක්කුවෙලා ගිහිල්ලා ගිහිල්ලා.. පුජාව නම් හම්බෙනවා.. ඒත් සෙල්ලම් කිරිල්ල නැවතුනේ නෑ.. ඔයාලා හැමෝම දනන්වා ඇතිනෙ, ගුරුවරයෙක්ගෙ ප්‍රියතම වචන සෙට් එක මොකක්ද කියලා, "මෙච්චර කාලෙකට හම්බෙච්ච නරකම පන්තිය තමයි මේක" :O මේ වදන් පෙල අපි අහලා ඇති, හැම සතියෙම එක දවසක හරි... ඒ තරම් අපේ පන්තියේ ලමයි හරිම කීකරුයි..

මේ සුන්දර කාලේ අතර තුර, මාගේ තාත්තා විසින් මට පොඩි පොරොන්දුවක් දුන්නා.. ඒ මම ශීෂ්‍යත්ව විභයෙක් සමත් උනොත්, මට කොම්පීතරයක් ගෙනත් දෙනවා කියලා, ඇත්තම මම ඒ දවස්වල කොම්පීතරයක් හරියට දැකලා තිබ්බෙත් නෑ.. කොම්පීතරේ කියලා හිතාගෙන හිටියෙත්, මොනිටර් එකට  :D කොහොම කොහොම හරි, ශිෂ්ෂත්ව විභාගේ අත ලඟට ආවා.. ඉතින් මම පුරුදු විදිහටම හරිම සැහැල්ලුවෙන් ඒ දවස් ටිකත් ගත කලා ;D ඉතින් ගිහිල්ලා විභාගේ ලිව්වා.. ලියලා ගෙදර එන්න එද්දි, තාත්තා මාව එක්කන් ගියේ කොම්පීතර් කඩේකට :O ඒ අදුරන තැනකට.. ඔහ්... එදා තමයි හරියට කොම්පීතරේ දැක්කෙ.. Desktop PC එකක් තිබ්බෙ, Windows 98 මෙහෙයුම් පද්ධතියෙන් බලගන්නලා තිබ්බෙ.. එතන හිටපු අයියා කෙනෙක්, මට එන්න කියලා, Paint Open කරලා, චිත්‍රයක් අදින්න දුන්නා.. Mouse එක අතට දුන්නත්, එහෙම මෙහෙ කරද්දි චිත්‍ර තියා බලි කුරුටු වත් හරියට ඇදගන්න බැරි උනා.. පහ වසරෙ ඉගෙන ගද්දි ඕවා දන්නෙ කවුද, එදාම තමයි හරියට අල්ලලා බැලුවෙ :D ඉතින් බලි කුරුටු අදෑමෙන් පස්සෙ සුපුරුදු පරිදි.. ගෙදර ආවා.. එදා මට බලිකුරුටු හරි අදින්න කියලා දීපු ඒ සහෝදරයා තමයි මගේ මුල්ම පරිගණක ආචාර්ය වරයා.. ඒත් අද මම ඉන්න තැනත් එක්ක එයලා දැනුමත් එක්ක බලද්දි ගොඩක් සතුටුයි.. වර්ථමානය වෙන විට, එක එක රවවල් වල පොඩි උන්ට අකුරු කියවන්න ගන්නෙත් කොම්පීතර් :O


ඉතින් යාළුවනේ, ඔයාලටත් මේ වගේ මතකද මුලින්ම ඔයාලට කොම්පීතර් එකක් අල්ලපු දවස, ජීවිතේ අමතක නොවන සිද්දියක් ඔයාලටත් ඇති. අහම්බෙන් වගේ ජීවීතෙට එකතුවෙන ගොඩක් දේවල් ජීවිතේ වෙනම පැත්තට ඇදගෙන යනවා.. ඉතින් ඔයාලගෙ කතාව බෙදාගෙන්න කැමති නම්, Comment එකක් විදිහට එකතු කරමු.. ඔබ සැමට ජය සතුට !

0 comments:

Monday, April 15, 2013

කුඩා කල පාසල් ජීවිතය෴




මීට වසර ගණනකට ඉහතදී අහම්බෙන් නොහිතුනු මොහොතක, ජීවිතයට අත වනපු අපූර් අත්දැකීම ජීවීතයේ සදා අමරණයයි. ඔබට වගේම මටද කුඩා කාලයත් තිබුනු අතරම, ඒ අපූර් කාලය කෙතරම් සුන්දරද යැයි හැගෙන්නෙ අප වසසින් ටිකින් ටික වැඩි වෙනවාත් සමගයි. එය මට වගේම ඔබටත් පොදු වූ දෙයකි. අපි සැවොම පාසල් කාලය කෙතරම් සුන්දරව ගෙවුවාද, මා මුලින්ම පාසලට යාමට ප්‍රථම පෙරපාසල් ඇත්දැකීම විද තිබුනේ නැහැ. මන්ද මා පෙරපාසල් ජීවිතයක් නොතිබු බැවිනි. පෙරපාසල වූයේ මාගේ කුඩා නිවසමයි. මන්දා මාගේ පියා විසින්ම ඒ කාලයේ මට අකුරු උගන්වා, ලියන්න කියවන්න, හොදින් උගන්වා තිබුනා. ඒ අතීතය තාමත් මතකයි. මම වමතින්  අත්අකුරු ලියන්න පුරුදුව තිබුනා. මාගේ තාත්තාවත් අම්මවත්, වමතින් අත් අකුරු ලියන්නෙ නෑ.. එහෙත් මම කුඩා කල ඉදන්ම දකුනතට වඩා වමතිත් අකුරු ලියන්න පුරුදුව සිටියා. වමතින් අත් අකුරු ලියන අයගේ අකුරු ලස්සනයි කියලද මතයක් තිබුනා. පැන්සලෙන් අකුරු ලියපු ඒ කාලා, පැන්සල ටිකක් දිග වැඩියි. ලියන්න අමාරුයි එතකොට පැන්සල දෙකට කඩලා එක කෑල්ලක් අරන් පැත්තකින් තියනවා, එකකින් ලියන්න තියනවා.. පැන්සල දිග වැඩි උනාම ඇත්තටම ලියන්න අමාරුයි. ඒත් මම කැමති නැහැ කෑල්ලකින් ලියන්න. ඉස්සර පැන්සල් වල උඩ කෙලවරේ පුංචි මකනයක් තිබ්බා.. සම්පූර්ණ පැන්සලක් දුන්නම මම කරන්නෙ ලියන ගමන් අර මකන ටික ටික කන එක.. ඒ පුංචි කාලේ අයේ එන්නෑ !


මම මුලින්ම පාසල් ගියපු දවස මට ඇත්තටම අද වගේ තමයි, ඒ දවස්වල අපේ ජීවිත වල බය/ලැජ්ජාව වගේ දේවල් තිබ්බෙ නෑ.. මොකද වැඩි තේරුමක් නැති නිසා වෙන්න ඇති.. මුල්ම දවසෙ මගේ නම "නම් පොතේ" ලිව්වෙ 14වෙනි තැනට, මට කලින් හිටියෙ.. අපේ ගෙවල් ලඟ හිටපු යාළුවෙන්, එක වසරෙන් දෙක වසරට ආවාත් අපි හිටියෙ එකම පන්තියේ, එකම ගුරුතුමියක් තමයි ශේණි දෙකටම අපිව බලාගත්තෙ.. ඉතින් ඒ ගුරු මෑණියන්, අද මම පාරෙන් තොටෙන් දැක්කා, මේ මමයි කියලා මතකයි..

මම දෙවිනි වසරේ ඉගෙනුම බලද්දි, ඔළුව පලාගෙන බෙහෙත් දාන්නනත් උනා... ඇත්තටම ඒක උනේ, අපිට තිබ්බ සෙල්ලම් පිටියෙ තිබුනා ටයර් පෙලක්, මේ ටයර් පෙලේ මම ඉද්දි, අනුත් අයට එන්න දෙන්නෙ නැතුව හිටියම, එක ලමයෙක් ගලක් අරන් ගැහුවා... ඔලුවෙ වැදුනම, මම අත තියලා බැලුවා එතකොට අතෙන් ලේ එකයි.. පස්සෙ කවුද ලමයෙක් ගිහින් ගුරුතුමියට කිව්වා.. පාසලේන්ම බෙහෙත් දැම්මා.. පසුව ඒ ගලෙන් ගහපු ලමටය ගුරුවරයෙක් කිව්වා, බාලේකෙ එල්ලනවා කියලා.. අද ඒ ගුරුතුමා.. මා ඉගෙන ගත් පාසලේ  තොරතුරු හා තාක්ෂණික විෂය උග්වන සහ විද්‍යාගාරයේ ප්‍රධානියාය..

ඔබටත් මට වගේම රසවත් පාසලේ කුඩා අවදියක් තියෙනවා ඕනේ.. ඉතින් කැමති නම් Comment කරලා, අමතක නොවෙන සිදුවීම් ටිකක් අපිත් සම බෙදා ගැමුද? මේ මගේ බ්ලොග් එකේ පළවෙනි පොස්ට් එක.. ඉතින් යාළුවනේ, කියවලා ඔයාලගෙ අදහස් එහෙම කියලා යන්න.. සැමට ජය සතුට !

0 comments: