කුඩා කල පාසල් ජීවිතය෴
මීට වසර ගණනකට ඉහතදී අහම්බෙන් නොහිතුනු මොහොතක, ජීවිතයට අත වනපු අපූර් අත්දැකීම ජීවීතයේ සදා අමරණයයි. ඔබට වගේම මටද කුඩා කාලයත් තිබුනු අතරම, ඒ අපූර් කාලය කෙතරම් සුන්දරද යැයි හැගෙන්නෙ අප වසසින් ටිකින් ටික වැඩි වෙනවාත් සමගයි. එය මට වගේම ඔබටත් පොදු වූ දෙයකි. අපි සැවොම පාසල් කාලය කෙතරම් සුන්දරව ගෙවුවාද, මා මුලින්ම පාසලට යාමට ප්‍රථම පෙරපාසල් ඇත්දැකීම විද තිබුනේ නැහැ. මන්ද මා පෙරපාසල් ජීවිතයක් නොතිබු බැවිනි. පෙරපාසල වූයේ මාගේ කුඩා නිවසමයි. මන්දා මාගේ පියා විසින්ම ඒ කාලයේ මට අකුරු උගන්වා, ලියන්න කියවන්න, හොදින් උගන්වා තිබුනා. ඒ අතීතය තාමත් මතකයි. මම වමතින් අත්අකුරු ලියන්න පුරුදුව තිබුනා. මාගේ තාත්තාවත් අම්මවත්, වමතින් අත් අකුරු ලියන්නෙ නෑ.. එහෙත් මම කුඩා කල ඉදන්ම දකුනතට වඩා වමතිත් අකුරු ලියන්න පුරුදුව සිටියා. වමතින් අත් අකුරු ලියන අයගේ අකුරු ලස්සනයි කියලද මතයක් තිබුනා. පැන්සලෙන් අකුරු ලියපු ඒ කාලා, පැන්සල ටිකක් දිග වැඩියි. ලියන්න අමාරුයි එතකොට පැන්සල දෙකට කඩලා එක කෑල්ලක් අරන් පැත්තකින් තියනවා, එකකින් ලියන්න තියනවා.. පැන්සල දිග වැඩි උනාම ඇත්තටම ලියන්න අමාරුයි. ඒත් මම කැමති නැහැ කෑල්ලකින් ලියන්න. ඉස්සර පැන්සල් වල උඩ කෙලවරේ පුංචි මකනයක් තිබ්බා.. සම්පූර්ණ පැන්සලක් දුන්නම මම කරන්නෙ ලියන ගමන් අර මකන ටික ටික කන එක.. ඒ පුංචි කාලේ අයේ එන්නෑ !
මම මුලින්ම පාසල් ගියපු දවස මට ඇත්තටම අද වගේ තමයි, ඒ දවස්වල අපේ ජීවිත වල බය/ලැජ්ජාව වගේ දේවල් තිබ්බෙ නෑ.. මොකද වැඩි තේරුමක් නැති නිසා වෙන්න ඇති.. මුල්ම දවසෙ මගේ නම "නම් පොතේ" ලිව්වෙ 14වෙනි තැනට, මට කලින් හිටියෙ.. අපේ ගෙවල් ලඟ හිටපු යාළුවෙන්, එක වසරෙන් දෙක වසරට ආවාත් අපි හිටියෙ එකම පන්තියේ, එකම ගුරුතුමියක් තමයි ශේණි දෙකටම අපිව බලාගත්තෙ.. ඉතින් ඒ ගුරු මෑණියන්, අද මම පාරෙන් තොටෙන් දැක්කා, මේ මමයි කියලා මතකයි..
මම දෙවිනි වසරේ ඉගෙනුම බලද්දි, ඔළුව පලාගෙන බෙහෙත් දාන්නනත් උනා... ඇත්තටම ඒක උනේ, අපිට තිබ්බ සෙල්ලම් පිටියෙ තිබුනා ටයර් පෙලක්, මේ ටයර් පෙලේ මම ඉද්දි, අනුත් අයට එන්න දෙන්නෙ නැතුව හිටියම, එක ලමයෙක් ගලක් අරන් ගැහුවා... ඔලුවෙ වැදුනම, මම අත තියලා බැලුවා එතකොට අතෙන් ලේ එකයි.. පස්සෙ කවුද ලමයෙක් ගිහින් ගුරුතුමියට කිව්වා.. පාසලේන්ම බෙහෙත් දැම්මා.. පසුව ඒ ගලෙන් ගහපු ලමටය ගුරුවරයෙක් කිව්වා, බාලේකෙ එල්ලනවා කියලා.. අද ඒ ගුරුතුමා.. මා ඉගෙන ගත් පාසලේ තොරතුරු හා තාක්ෂණික විෂය උග්වන සහ විද්‍යාගාරයේ ප්‍රධානියාය..
ඔබටත් මට වගේම රසවත් පාසලේ කුඩා අවදියක් තියෙනවා ඕනේ.. ඉතින් කැමති නම් Comment කරලා, අමතක නොවෙන සිදුවීම් ටිකක් අපිත් සම බෙදා ගැමුද? මේ මගේ බ්ලොග් එකේ පළවෙනි පොස්ට් එක.. ඉතින් යාළුවනේ, කියවලා ඔයාලගෙ අදහස් එහෙම කියලා යන්න.. සැමට ජය සතුට !
0 comments: