කොම්පීතරයක් ගෙදර ගෙනාපු පලමු දිනයෙ මම෴
මෙදිනත්, පෙර දවසක් වගේම සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, පාසල් යාටම වෙනදා මෙන් ලෑස්ති වෙලා, පාසල් ගියා.. වෙනස් මෙන්ම එදිනත් පාසල් කාලය අවසන් වෙනකම් පාඩම් වැඩ කටයුතු වල ඉදලා, ගෙදර ආවා... ගෙදර ඇවිල්ලා, ටිකක් එහෙ මෙහෙ සෙල්ලම් කරන්න ගියා.. පසුව සවස පහට පමණ ආච්චිලගෙ ගෙදර ගියා, ටික වෙලාවක් එහි ඉදලා, ගෙදර එන්නා ආවා... ගෙදර ඇවිත් බලද්දි මහ පුදුමයක් ! අපේ ගෙදර කොම්පීතරයක් ගෙනල්ලා :O මාර සතුටුයි ඈ.. සතුටු උනාට වැඩක් නෑ.. මෙලෝ සසරක් දන්නෙ නෑ... මම මුලින් කොම්පීතරේ ටිකක් විතර අත පත ගෑවා.. ඒත් මේකෙන් මොනවා කරනවද කියලා දන්නෙ කවුද, එහෙම මෙහෙ එබුවා.. එතකොට මම හය වසරෙ :P ටික වෙලාවක් එබුවට පස්සෙ මේ මොන මගුලක්ද මේකෙන් මුකුත් කරගන්න දන්නෙ නෑනේ.. ඉතින් මට මේක Off කරලා දාන්න උනා, මල කෙලියයිනෙ O.o කවුද දන්නෙ මේක Off කරන්න, ගෙනාපු උන් හයි කරලා, On කරලා දාලා ගිහිල්ලා, Windows 98 තමයි තිබ්බෙ. මම කලින් Paint වල විතරයි කුරුටු ගාලා තිබ්බෙ, දැන් කරන්න දෙයක් නෑ.. අහගන්න කවුරුවකුත් නෑ.. හතර වටේ බලද්දි ස්විච් එකක් තිබ්බා, ඒක Monitor එකේ, මේකෙන් වෙන්න ඇති Off කරන්නෙ කියලා, ඒක එබුවා, එතකොට Monitor එක Off උනා, ඒත් ඒක යට කෑල්ල තාම වැඩ කරනවා, එකෙත් ස්විච් එකක් තිබ්බා.. ඒක එබුවා, Off උනේ නෑ.. දැන් කරන්න දෙයක් නෑ.. මම හිතුවෙ මේකත් TV එක වගේ කියලා, බිත්තියේ තියෙන ස්විච් එකෙක් Off කරලා දැම්මා :D සිම්පල් ප්ලෑන් එක (Y)
0 comments: